Monday 24 March 2014

Old Spice & Massage

තම රුව ගැන එක එක අය නොයෙක් විදියට හිතනවාය.සම හරක් සතුටු වෙද්දී තව සම හරක් දුක් වෙනවාය.මං ව අයිති වෙන්නේ සතුටු ගොඩටය.මං නම් දැනුම් තේරුම් කාලේ පටන් හිසකේ සිට යටි පතුල දක්වා සැලකිලිමත් වෙනවාය.තාමත් එසේමය.ඒවායේ ප්‍රතිපල එමටය.තැනකට ගියාම ඒක තේරුම් යනවාය.පිළිගන්න ඉන්න පට්ට කෑලි බොරු කතාවලට අල්ලගන්නවාය.සමහරක් ඒ වගේ තැන්වල ඉන්න ඇන්ටිලා සහ නාටු කෑලිත් එයිට එහාය. මං නම් නැට්ටට කිරි උනපු කාලේ ...


ඒ කියන්නේ මුනේ කුරුලෑ ගෙඩි රත් පැහැයෙන් පටන් ගෙන කහ පැහැයට පැමිණ ඇගිලි දෙකින් මිරිකද්දී එලියට පනින හින් කොස්ස දක්වා මෙලෝ මගුලක් දැනන් සිටියේ නැතිය.එක දවසසක් අක්කි කෙනෙකුට කාලට ඇද වෙච්චි පොල් ගහකට තද කරගෙන ගඩොල් ලෝඩ් එකක් බාන්න පෙර කට කන ක්‍රීඩාවේදී කිව්වේ .... " මල්ල...හැමදාම රෑට යට ලියේ සුමන G ගේ අහවල් දේ බලන්න යන්න පෙර අම්මිට කිලා දෙහි ඇබුලෙන් උරච්චි කොරපු හුදු හදුන් ගාන්න..." කියලාය. " එතකොට අක්කි හරියනවයි ......" " නැතිව මල්ලි...ඔය ලපටි දිවෙන් මගේ කම්මුල ලෙව කාල බලන්න මල්ලා....කොච්චර සුනිමුද ද කියල මගේ දෙකපුල්......


" " ම්ම්ම්ම්ම්.......ඇත්තමයි අක්කි.....ම්ම්ම්ම්.... " " දැන් මල්ල ... ලෙව කෑව ඇති....අපි කපමු ගඩොල්.... හ්ම්ම්ම්ම් .." ඔහොම වැඩිහිටි අයගේ උපදේස ගනිමින් මගේ මුණ තාම ලස්සනට තියාගෙන ඉන්නවාය.රැවුල කපන්න පටන් ගත්ත කාලේ ඉදගෙන ගෑවෙම ආප්ට සෑව්ය.ඒ කාලේ මම ආස කලේ Old Spice කියන බ්‍රෑන්ඩ් එකේ සෑව් & ක්ලෝන් එකටය.ඒ පට්ට සුවදට මං විතරක් නෙමේ කෙල්ලොත් අසා කොලෝය.කෙල්ලෙක් එක්ක පිචර් එකක් බලන්න ගියාම,කෙල්ලන්ගේ නහය මගේ කිහිල්ලේය.දැන්නම් මම ලයික් Christian Dior Poison දම් පාට එකටය.

ලගින් යන කෙල්ලෝ සුවදටත් හැරිලා බලනවාය. ඒ කාලේ ගෑනු ඇත්තියෝනම් ලැක්ටෝ කැළමයින්,පුයර වර්ග,රෝස පවුඩර්,ගෝයා සැන්ට්,ඩෙබීයුටාන්ට් ආදී දේවල් උලන්න/ඉසගන්න ඇතිය. දැන් දැන් ජාතිඅන්තරේ රුව රැක ගන්න පුදුම දේවල් නිපදනවාය.ගාන්නද ,කන්නද,බොන්නද හැට කෝටියක් දේවල්ය.මුනේ ගෙඩි,රැලි දවස් 30 ට පෙර සහ පසු කියල රැලි/ගෙඩි සහිත රුවක්ද,රහිත රුවක්ද දමති.කොම්පිතර් අයියගෙ පොටෝ චොප් එකෙන් ඕව නැති කොරන්න ඇහැකි බව තාම දන්නේ නැති පාරිබෝගික හැත්තක් ඉන්න බව තේරුම් යන්නේ වෙළද පොලට දාපු ගමන් බඩු වාෂ්ප වෙන විදිය දැක්කමය.

දැන්නම් සැලෝන් වැහි වැහලය.ඒකෙනුත් 99.99% නිලියන්ගේය.ප්‍රධාන බඩු නිළියගේ ඉදල,ඈත දියේ දියනාන සහය නිළිය පවා ඇමතිලාට හරි ගම් බට්ටෙකුට හරි උස්සල එකාක් උත්සවාකාරයෙන් ඕපන් කරගන්නවාය.ඒවායේ කොන්ඩෙ කැපිල්ල හැර අනිත් හැම සෙද්දම කරනවාය.නැගලම යන්නේ 45 මිනිට්ස් වලට 10'000/= රුපීස් පැකේජ් එකය.මට නම් අදහගන්නත් බැරිය.මම වගේ අහිංසකයෙකුට නම් ඒ මුදලින් මාස හතරක් ජිවත් වෙන්න ඇහැකිය.

45 මිනිට්ස් කිව්වට සම හරක් Ten මිනිට්ස් වලින් එනවය.ඇදුම් ගලවන්නයි/ඇදගන්නයි විනාඩි 9 ක් ම ගිහිල්ලය.මොලේ තියෙන හරක් නම් රු.120/= ට ඉන්දියන් පෙති දෙකක් ගිලින්නේ පොට් එකට එන්ටර් වෙන්න හාෆ් & අවර් වලට පෙරය.ගේමට පෙර එහෙම උන් කෑල්ලට තව්සන් දෙන්නේ හතරට නවලය.අලුත ආපු ගොන් නෑම්බියෝ එතකොට හිතන්නේ Two තවුසන්ඩ් කියල ඉතල දඩි බිඩියේම පෝස් එකේ ඔබා ගන්නීය. මසාජ් වැඩෙත් නැගලම යන එකක්ය.තායි oil මසාජ් එක නම් පස්ටය.

කන පිටිපස්සෙන් පටන් අරන් බෙල්ල හරහා උරහිස ලගට එද්දී ඇගේ මයිල් පමණක් නොව අහවලත් ස්මයිල්ය.එහෙම කරලා යටිපතුල් වලට දෙන සැපනම් සුපිරිය.හැබැයි ඉතිං ඇග පුරා කිචි ඇති හරක් නොගොස් ඉන්න එක හොදය.එහෙම උන්ට අයියෝ සල්ලි කියන්න වෙනවාය. මසාජ් වලට දැන් යන්තරත් තියෙනවය.මගේ ගොන් මොලේට මුල් කාලේ වැටහුනේ මේවා නිපදවනවා ඇත්තේ,ස්ත්‍රීන් ස්පර්ශය අකමැති බොදුබල වල ඉන්න ගනින්නාන්සේලාට කියාය.

ඒක බොරු කියා සිතුනේ මිට වරුස කීපයකට පෙර තායි ලෑන්ඩ් වලදීය.මම නැවතිලා හිටපු ඕටලේ උදේ ලංකාවෙන් වැඩිය ගනින්නාන්සේලා දෙනම රෑ එලියට බැස්සේ ඩෙනිම්,ටීය සහ කැප් වලින් සැරසිලාය.ඒ සිවුරු දුසිම් ගණන් ගන්න පතාය මාකට් යන්න නෙමේය.තාමත් එහෙම වැඩල බට පොලිෂ් කරගෙන යන බව කට කැඩිච්චි කතා කියන මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා පවසවනවාය. මේවා ගැන ලියන්න නම් තව තිබෙනවා ය.තව කියවල බොලාලව පික්ෂු කොරන්න අකමැතිය.මගදී නවතන්න වුනේ අපේ එව්වෝ ලගදි සෙට් එකක් දවල් 11.30 ට බොන්න අරන් රෑ දොලා වෙනනකන් සින්දු කකා විෂ්කි බිබී පාටියේ වීඩියෝව සහ පින්තුර දැකලය.බොන එක නම් බිව්වාට කමක් නැතිය.මම එතන ඉටියා නම් ගෙවල්වල ට යන්නේ 4 ටය.


සමහරු සිගරට් ඉරෙව්වේ "බම්බුවා" හෙට ලංකාවෙ සිගරට් තහනම් කොරනවා කියල ගෙදර අයිති කාරය නිව්ස් එක දුන්න වගෙය.සොදුරු මතකයන් සනිටුහන් කල පැය කීපයක් කියල මට හිතෙනවාය. "තෝ පාටියට නොයා කෝමද උත්තො ඒම කීන්නේ...... " කියල කට කැඩිච්චි ඇනෝල අහනවා නෙමේය.මොකද මමත් ඒ සොදුරු මිතුරන් සමග දෙතුන් වරක් දුරකතනයෙන් මගේ මියුරු/ගොරහැඩි හඩින් කතා කොල නිසාය.ඔවුන් කතා කල හඩවල් මගේ හදවතේ තාමත් රැව් දෙනවාය. නවතිනවාය.සැමදෙනාටම බායි ය..........

Friday 7 March 2014

HORSE RACE & WHISKEY


මට බොක්කෙ එල යාලුවෝ ටිකක් හිටියේය.උන්ගේ අයියල සමහරක් පිටරට නැව්වල,හෝටල් වල,ලංකාවෙ ආයතන වල රැකියාවල ය.එක බොක්කෙක්ගේ ලොකු අයිය සුමතිපාල මුදලාලිගේ රේස් අංශයේ ප්‍රධානියෙකි.රැජිණිගේ රටේ ඒ කිව්වෙ එංගලන්තෙ රේස් සීසන් එකක් තියෙනවාලුය.එහෙම කාලෙට රේස් පත්තරෙන් ඔට්ටු කොරවන තුප්පහි රටවල මුදලාලිලා එහෙට යන්න ඕනලු සල්ලි ගෝනියකුත් අරන්.
මුදලාලිලාට දන්නේ හුද්ද හින්ගලම නිසා නියෝජිතයන් යවනවාය.මැනේජර්ලා යැව්වම සට සට ගා කඩ්ඩ වනන නිසා වෙන්ඩ ඇතිය.

එහෙම යවන්නේ වෙන මොකොටවත් නෙමේය.ඇස් පනාපිට දුවන අස්පයන්ට ඔට්ටු අල්ලන්නය.පැරදීගෙන යද්දී වච්චිල් නම් වානා ලුය.ගෙනිච්ච සල්ලි පිච්චියට ඉවර වෙනකම්ම කිරිඩාවේ නිරත විය යුතුලුය.

ඒ අයිය එහෙම ගිහිල්ල එනවිට විස්කි ගේන්නේය.ගෙනාපු විස්කි ඌ බොන පාටක් නොතිබුනේය.උස කැබිනෙට්ටුවේ දිලිසි දිලිසි පොදර්සනෙට තබනවාය.සමහර සෙනසුරාද හවසට උන්ගේ ගෙදර සෙට් වෙන්නෙ 7years old /ඩබල් ඩිස්ටිල්/VSOA හරි ඕල්ඩ් අරක්කු බෝතල් කීපයක් එක්කය.බයිටට රතු ලුණු මිශ්‍ර උම්බලකඩ සම්බලය,සැමන් සම්බලය,හරක්මස් බැදුම,වල් ඌරුමස් බොරට උයපුව ඔය මොනවා හරි ජාති දෙකක් විතර පටන් ගැන්මේදී තියෙනවය.රෑ වෙද්දී පොලෝසියේ යාලුවෝ දෙතුන් දෙනෙකුත් සෙට් වෙන්නෙ තැටි පාන් හරි රෝස් පානුත් එක්කය.ගෙනාපු අරක්කු අහවර වුනාම කැබිනෙට්ටුවේ තියෙන විස්කි එකක් දෙකක් ගන්නවාය.හැබැයි නැවත දවල්ට ගෙනත් තබන්න වෙන්නෙ මටය.
ඒ කාලේ කොල්ලුපිටියේ ඩියුටි ෆ්‍රී එක තිබුන නිසා,ඉට්ටේසම ලග තිබ්බ පෙට්ටි කඩේක විස්කි හොරෙන් වික්කේය.ගෝල්පේස් වල එන්ජෝයි කරද්දී රෑ දෙකටත් ඇහැරවල විස්කි ගත්ත අවස්ථාත් තිබුණාය.

ඔය දඩ මස් දෙල්කද පොලට ගෙනාවේ පියදාස විජේකෝන් කියන නළුවය.ගෝලයෙක් එක්ක එයාම එලවාගෙන සුදු වෑන් එහෙක ගේන්නෙ පෝමිට් තියෙනවා වගේය.ආරංචිය තිබුනේ නම් ඇඹිලිපිටිය,උඩවලව පැත්තෙන් ගේනවා කියලය.
යාලුවාගේ අයිය රෑට ගෙදර නැත්තේ රාජකාරිය.උදේ පාන්දර කුණු කෙල පිටින් දුවගෙන එන අන්තුවන්ට රිසාල්ට් පත්තරේ පාන්දර 4 වද්දී අතට පත් කොරන්න ඕන නිසා ඒ වැඩ කොරෝනවාය.

කොලේ අතට ගන්න අන්තුවන්ගේ පෙරදා සිහින බොද වී යද්දී ඒ මුහුණවල් නම් බලන්න අප්‍රසන්නය.මගේ අඩවන් වූ ඇස් වලටම දැක තිබෙනවාය.අඩවන් වූ කිව්වෙ,අපේ සෙට් එක එම එවෙලාවෙත් බොන ගමන්ය.
හවසට යාලුවාගේ ගෙදර සෙට් වුනාම අර අයියගේ මල්ලිත් එක්ක එයාලගේ රේස් පොට් එකට, ඉතුරු අඩුම කුඩුමත් දාගෙන අපිත් යනවාය.පොට් එක ඇවිල්ල කොච්චිකඩේ පල්ලිය ඉස්සරහ මල් කඩ පේළියක තිබුනේය.මේවා හැමදාම වෙන්නේ නැතත් ඉද හිට වූ ආතල් ක්‍රියා දාමයන්ය.

චිට් වැඩ කොරල තියෙන අන්තුවො නම් යාලුව ගේ ලියන්නලට තුණ්ඩුව පෙන්නලා සුළු ගානක් කපන් යන්නේ ලගම පොට් එකටය.ඒ වෙන මොකටවත් නොවේය.පාන්දර කාලකින් බොකු බඩවැල් පොගවා දෑත සක්තිමත් නොකොළොත් දෑත වෙවුලන බැවින්ය.
පැරදුන උන්ට සලකන්න එක ඩොගි යෙක්වත් නැතිය.උන් ලහි ලහිහේ දුවන්නේ පිටෝටුව පැත්තටය.මාළු/තොග/මැනිං මාකෙට්ටු වල උන්ගේ "කර" සල්ලි කරන්නය.මම නම් ඒ අහින්සක යං එකෙකුට දෙන්නකුට සොට් එකක් දීල,කැහි කොටයක් දුන්නම හැම දෙයක්ම වමාරනවය.සමහරු එහෙම දෙද්දී බොරු බේගල් ඇදල ගාන කපන්නත් හදනවය.
ලියන්නා තුන්ඩුවේම දුන්න ගාන මාක් කොරල මුදල දෙන්නේය.මිනිස්සුන්ට කියන්නේ බැංකුවෙන් සල්ලි ගෙනත් දෙන බවය.ඒ හෙන ගහන පට්ට බොරුය.දවල් 10 වෙද්දී හොද ගානක් එකතු වෙලාය.ගෙවන්නේ එකතු වෙන මුදලින් තමාය.
හැබැයි ඉතින් කලාතුරකින් බැංකුවෙන් අදින්න වෙන දවසුත් තියෙනවාලුය.ඒ හිතපු නැති අස්පයෝ win කොලාමලුය.සමහරු අස්පයාගේ ඔලුවටම ගහනවලු.පොල්ලකින් නෙමේය.සුපියල් වලින් තනි අස්පයට ඔට්ටු අල්ලද්දී කියන්නේ එහෙමලුය.සමහරු ඩබල්,ට්‍රිබල් කියල d .t .w /o කියලත් සුපියල් දානවාලුය.මට නම් අන්ඩර දෙමළය.


අපේ ජෝති අයිය තනි අස්පයට 500 හරි 1'000 හරි ඔලුවටම ගහල මරිය කඩේ බුකියට චිට් එක යවන්නෙ එයා ලග උදව්වට හිටපු කළු අයියා අතය.ඒ දෙන්නම් කාසි වලටය.එහෙම යවල එයා චිත්තර පටියක සිංදු රෙකෝඩිමකට චිත්‍රාගාරයකට යනවාය.ඒවා අහවර වෙලා පාන්දර එනගමන් රිසාල්ට් කොළෙත් අරං පෙරදා දෙන්නම් කාසිත් ගෙවල ප්ලැට් එකට යනවාය.සරමට බැහැල කළු අයිය ඔතල තියෙන සුස්තියත් උර උර කොලේ බලන්නේ බොග දමන ගමන් ලැට් එක තුලය.

රේස් බය් කියල පස්සේ ආපු කාලෙක කොටුවෙ මිලර්ස් බිල්ඩිමේ උඩ තට්ටුවේ නුවර තදයෙක්ගේ එහෙම එකක් තිබ්බේය.ඇතුල් වෙද්දී ලොකු මුදලක් පෙන්නුවාම විස්කි බොන්ඩත් දුන්නාය.යාලුවාගේ ආරාධනාව මත බලන්න ඕන නිසා මමත් එක වරක් ගියාය. මට නම් ඕවා අරහන්ය.මිත්තර කමට ආශ්‍රය කළා පමණය.ලගදි ආව තුන් දෙනා එහෙම සම්බන්ධ උන්ය.රේස් නෙමේ වෙන්න ඇතිය.මම ඕවා අහන්න යන්නෙත් නැතිය.


Monday 3 March 2014

ජපන් ක්‍රමයට මස් බදිමු

ඔන්න මට නලින් කිව්වා කෑමක් හදන හැටි ලියන්න කියල....ඔව් ...වොව්....මම කාපු /කන වල් කෑම නෙමේ මෙයාල දරුවොත් එක්ක එක පතේ කන්න ඇහැකි කෑමක් ගැන....මුලින්ම කුකුල් මස් හදන ක්‍රමයක් කියන්න අයියේ .... කියල කිව්වේ අලුත විවාහ වෙලා දැනට පනසේ වෙසෙමින් ඇනෝ කමෙන්ට් කරන පතරංග සහන් මල්ලියා....ය ..දෙවැනිව අනේ....කෙන්ජි මල්ලි ජපන් කෑමක් හදන හැටි ලියන්න කිව්වේ අපේ ගම කිට්ටුව නයිනමඩමේ වෙසෙන ගුරුතුමී අක්කි නිල් මහනෙල්ය.....
...........................................................................................................
මුලින්ම අවශ්‍යය මිශ්‍රණය සාදාගමු....
මෙය අපට උවමනා ලෙසට සෑදූ මිශ්‍රණයකි.පහත ඉදිරිපත් කරන යු ටියුබයේ ජපන් ක්‍රමයට ටිකක් හෝ ගොඩක් වෙනස්ය ....

# පොතු හැරගත් අමු ඉගුරු ග්‍රෑම් 50යි.
# " " සුදුලූනු ග්‍රෑම් 50යි.
# ලයිට් සෝයා සෝස් තේ කෝප්ප 1/2යි.
# ගම්මිරිස් කුඩු සහ ලුණු 

# කටු රහිත කුකුළු මස් තනි කටට හෝ කටවල් දෙකකට තමන් රිසි සේ කපා සෝදා හොදින් මිරිකා වතුර ඉවත් කර වටකුරු බාජනයක බහා පසෙක තබාගන්න.කිලෝ 1 ක්.

ඉගුරු සහ සුදු ලුණු සිහින්ව ග්‍රේටර් (උරච්චි )කරගන්න.එසේ කරගත් දෙජාතිය සහ සෝස් සමග තමන්ට ඇති පමණ ගම්මිරිස් කුඩු මස් බාජනයට දමන්න.දැම්මම ලුණු එකතු කිරීම සපුරා තහනම්ය.ඒ මන්ද කියා ගොන් ප්‍රශ් අහන්න එපාය.සෝස් ලුණු රසයෙන් යුක්ත බව ඕන මොලේ කළදක් හරි තියෙන උන් දන්නවාය.

මම නම් දමන්නේ ජපන් කිකොමන් බ්‍රෑන්ඩ් එකේ සෝස්ය.ඒවා ඔය "ගෙදර යනගමන්"පොඩි සුපිරි කඩවල නැති වෙන්න බැරිය.ලබ්බේගිනි කාර් තියෙන රටේ ඔය රෙද්ද නැතිවෙන්න නොහැකිය.
දැන් බාජනයට දමාගත් සියල්ල විනාඩි 5 ක් පමණ හොදින් අතේ ගහන්නය.අප්පට සිලිය ....වල් කතා ලියවිල්ල තවමත් නතර වී නැති හැඩය...හොදින් අත දමා කලවම් කරන්න.ඉන්පසු මැදට දබර ඇගිල්ල අඩියටම ඔබා එම ඇගිල්ල දිව ගා ලුණු රසය බලා....... තමන්ට ඇති පමණට ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.කිසි විටක පිරිමි උදවිය මැද ඇගිල්ලෙන් රස නොබලන්න.මොකද වෙනත් රස ඒමට ඉඩ තිබෙනවාය.ඉන් පසු හොදින් වසා බ්‍රිජ් එකට දමා විනාඩි 15 ක් පමණ තබන්න.

විනාඩි 15 ට පසු ඉවතට ගෙන පාන් පිටි කප් එකක් පමණ දමා දිය ගතියට හිටින සේ කලවම් කරගන්න.දියාරු ගතිය වැඩි නම් ඔබට රිසි පමණ තව පාන් පිටි ස්වල්පය බැගින් එකතු කර කලවම් කරන්න.ඉන්පසු කෝන් පිටි ටිකෙන් ටිකෙන් එකතු කරමින් මස් කැබලි වියලි ගතියට වෙන්වන සේ ගත හැකි ලෙස සකස් කරගන්න.පසුව ගැඹුරු තෙලේ බැදගන්න.මස් කැබලි තෙලට දැමීමට පෙර කැබැල්ලේ ඇති වැඩිපුර තැවරී ඇති කෝන් පිටි ගසා දමන්න. වෙන දේවල් බැදපු තෙල් වලින් බදින්න එපාය.රසය වෙනස් වනවා අනිවා ය.

බැදගත් මස් කැබලි එලෙස මද රස්නයෙන් ආහාරයට ගන්නවා සේම,ලෙටස් කොළ වල තබා මයෝනිස් තවරා දවටා දරුවන්ට දිය හැක.
මෙම මිශ්‍රණය ඌරු මස් කැබලි හෝ කුකුළු මස් වල පෙරදා රාත්‍රී කලවම් කොට බිජ් එකේ තබා පසුදා දහවල් BBQ කොට කන්න හැකිය.කුකුල් කකුල් වල සිහින් පිහිතල පහර කීපයක් ඇද සහ වල්ගෙ කොටාගේ ලොකු පෙති වලට ගෑරුප්පුවකින් කොටා මිශ්‍රණය පෙර දින කලවම් කොට තබා බේක් කොට ගත් විටද රසවත්ය.

වැඩි ගණන් දීල ගන්න එක එක විෂ සෝස් වලට වඩා මටනම් මෙය රසවත්ය.
සිය පවුල සමග එක වරක් රස විද බලන්න.
මට නම් පවුලක් නැති නිසා දරු දෙදෙනා සහ එයාලගේ මිතුරු මිතුරියන් සමග මසකට දෙසරයක්වත් රස විදින්නෙමි...... Enjoy .............