ඔන්න මං ඔයාලට කුණු හබ්බ ලිවිල්ල නවත්වල බයිස්කෝප් කතා ලියන්න ඕනියි කියල ඉතල පල්ලෙහා ලිපිය ඔයාලට ලිව්වාය....එහෙම ලියල .... ලබන වසරෙ සකුරා මල් පිපෙන සමයෙ මා දෙවැනි වර යුග දිවියට එළඹෙන්න සිටින .... දැනට ඔසී වල ඉන්න මගේ "අනී" සමග ස්කයිප් චැටක් දාගෙන ඉද්දි...........
"මම අද උදේ බයිස්කෝප් කොරන හැටි ලියන්න පටන් ගත්ත........"
"එහෙමද.......?තව පිස්සෙක් හින්දි ෆිල්ම් එකක් හදන විදිය ලියල තිබ්බ.... ඔයයි ගේ යාලුවෙක්ද ....අ.....නී.....!!!! ?"
"ඔව් .... බොගෙ සියල්ලෝම මගෙ පෙඩා ල/පෙඩි ල තමයි මනිකි ...... නොදුටු.... හෙක්.... හෙක්.... "
"ඔයාගෙ ඔය ඉනාවට ...Boys ල K අකුල මුලට දාල ... ඉනාව කියනව නේද...... සුදු...... හි....හි....හි....."
"හ්ම්ම්ම්......."
"ලියපු එක In Box එවන්නිකු අ......නී ......!!! "
"හ්ම්ම්......"
මම ඉතින් ලියපු එක යවල .... වැරදි /අඩු පාඩු බලමින් උන්න ලියපු එකේ....බ්‍රැන්ඩි ටිකක් තොල ගාමින් & ඩන් ඉල් එකක් උරමින්....ඔහොම විනාඩි 6ක් 7ක් ඉද්දි ........ උඹලට කියන්න ...... මේ හුත්තිගෙ කෙල්ල කිව්වෙ මොකක්ද කියල දන්නවද .....යකු........ නේ..... ?
"මට නම් බෝරින් අනී......!!!!" කියලාය...... ඉතිං ..ඒකිට දැනිච්ච දේම ද දැනෙන්නෙ කියල .... කියවලම බලපල්ලය...
***************************************************************************************************************************************
චිත්‍රපටයක් නැරඹුවාම අපි හිතන්නෙ රගපු නළු නිලි යන් ගැන සහ කතාව ගැන පමණි.එය විශාල පිරිසකගේ දායකත්වයෙන් බිහිවුන නිර්මාණයක් බව දන්නේ කුඩා පිරිසකි.මෙයින් දර්ශන රූපගත කිරීම ප්‍රධාන තැනක් ගන්නේ .....විවිධ ශිල්පින් රාශියකගේ සහභාගිත්වයෙන් සිදුවන බැවිනි.අධ්‍යක්ෂක /සහය අධ්‍යක්ෂක ..... කැමරා ශිල්පී/සහය කැමරා ශිල්පී & වේශ නිරූපණ ශිල්පී, කලා අධ්‍යක්ෂකsaha විවිධ සහය ශිල්පින් ප්‍රධාන තැනක් ගනී.
# සහය අධ්‍යක්ෂක නළු නිලියන් පිටපතේ තිබෙන ලෙසට දෙබස් මතකයෙන් කියනවාදැයි සොයාබලන විට ..... අධ්‍යක්ෂක ඔවුන් රගන අයුරු නිරීක්ෂණය කරමින් නිවැරදිව රගන ලෙසට උපදෙස් දෙනව.හැබැයි .... ගාමිණි අයිය ප්‍රධාන චරිතය රගපාපු ගොඩක් පටි වල කැමරා කෝණයේ සිට දෙබස් දක්වා ඔහුට උවමනා ලෙසටම සිදුවිය.....උදාහරණයකට කියනවනම් "සරුංගලය" චිත්‍රපටය යේ අවසන් රූපගත කිරීම් කලේ යාපනයේය......(වැල්ලවත්ත හෝ රත්මලාන රේල් පාරට ආසන්න මුඩුක්කු ගෙවල් වලට තාවකාලිකව හැදු සෙට්ස් වල ගොඩක් රූපගත කිරීම් කලා .....) එවිට සුනිල් A ජැෆ්න යුනි ද මන්ද....... අවසන් දර්ශනය රූ ගත කරල ලොකු කෝවිලක් ඉදිරි පසදී ..... ධර්මශ්‍රි මුණසිංහ ගෙන් ( මට මතක ලෙසට සහය අධ්‍යක්ෂක) තිර පිට පත අතට ගත් ගාමිණි ලොක්ක....."සුනිල් .... මේකෙන් වෙන එකක් කරනව " කියා ඔහුට පිට පත දුන්නේය.ගාමිණි රගපාපු ...ඔහු අධ්යක්ෂණ නොකරපු වල 99% ම එසේය....ශ්‍රියානි /ආතර් A යුවල පළමු වරට නිෂ්පාදනය කල .....සිරි කුලරත්න අධ්‍යක්ෂණය කල චිත්‍රපටය නම් සිරිට ඕන විදියට කලා....
#කැමරා ශිල්පියා ලොකු මෙහෙවරක් කල යුතුය....පිටත/ඇතුලත දර්ශන ආලෝකය ගැලපෙන අයුරින් ගලපමින් රූ ගත කිරීම ඔහුට ඇති ප්‍රධානම කාර්යයයි ....එයට සහය කැමරා ශිල්පී & විදුලි කාර්මික ශිල්පීන්ගේ සහය නොමදව අවශ්‍යය...කැමරා ශිල්පියාට සහය කැමරා ශිල්පියාගෙන් නොමද සහයක් ඉතාම අවශ්‍යය .... එනම්.....තනි රූප රාමුවක් රූගත කරන විට කැමරා කාචයේ පැහැදලි (focussing ) කිරීම දුර මනින ටේප් පටයකින් මැන ගෙන රූ ගත කරන අවස්ථාවේ හරියට සටහන් නොකලොත් වන්නේ අපැහැදිලි රූප රාමුය......නමුත් ඇවිද කතා කරමින් යන විට හෝ ගීතයක් ගයමින් මල් ගස් වටේ දුවන දර්ශන ගන්නා විට සහය කැමරා කරුගේ පුක ඉරෙන්නේය..... පෙර පුහුණුවීම් කරන විට කැමරා ඉදිරියේදී ඔහු අනුමාන වශයෙන් දුරවල් මැන ගෙන සිහියේ තබාගත යුතුය...
අහවල් තැනට යද්දී මෙච්චර දුරක නළු නිලියන් ඉන්නේ කියා..... කැමරා ශිල්පියා රූගත කිරීම් කරද්දී ...කැමරා කාචයේ දුර වෙනස් කිරීම තිතට විය යුතුය.....
ඇවිද යමින් සහ ගීත ගයමින් යන අවස්ථාවල ඩොලිය නමින් හදුන්වන .... රේල් පිලි මෙන් පයිප්ප හෝ U අයන් පිලි මත රෝද හතරකින් සමන්විත 4X4 පමණ ලෑලි තට්ටුවක් උඩ ( පසු කාලීනව මෙය මගේ මතකයේ හැටියට නුවර පැත්තේ ආයතනයක් ඉතාමත් හොදට කැමරාව සවි කොට කැමරා ශිල්පියාට ඉදගෙන යා හැකි අයුරින් සෑදුවා.) කැමරාව සහිත ත්‍රිපාදකය (tripod ) කැමරා ශිල්පී/අධ්‍යක්ෂක කියන වේගෙන් තල්ලු කල යුතුය.තල්ලු කරන්නා මැනවින් නොකළහොත් ගැස්සීම් (jerk ) වී කීප වරක් රූපගත කිරීම් කරන්නට වෙනවා.
මෙවැනි අවස්ථාවල කීප විටක් පෙර පුහුණුවීම් කර කැමරා ශිල්පියා සතුටු පසු තමයි දර්ශනය ගනු ලබන්නේ.දල සේයාපට අපතේ නොඇරීමේ වගකීමත් කැමරා ශිල්පියාගේ ප්‍රධාන කාර්යයකි.කීප වරක් දර්ශන ගතහොත් මුලින් ගත් සියල්ල ඉවත දමන්නට සිදුවේ.
එබැවින් clapperboard එකේ scene no ..... shot no .... take no ..... සටහන් කොට දර්ශනයක් ගැනීමට ප්‍රථම රගපාන අයවලුන් ගේ ඉදිරියේ එම bord එක දර්ශනය කොට වහා ඉවත් විය යුතුය.මුල් කාලවල නම් clapper boy කියා වෙනම පුක් කොල්ලෙක් සිටි බව අසා තිබුනද මා නම් එවැනි කෙනෙකූ දැක නැත.මම දන්නා විට නම් එවෙලේ එතන සිටින නිකමෙක් අල්ලනවය.දර්ශනය ගැනීමට පෙර එම බෝඩ් එක ඇල්ලීමට අතපසු වුවහොත් ....රූපගත කිරීමෙන් පසු එය උඩු යටිකුරු වෙනසේ හරවා රූ ගත කරනව.සහය කැමරා ශිල්පී මේ සියල්ල camara report හි සටහන් කල යුතුය.take කීපයක් ගතහොත් අධ්‍යක්ෂක/කැමරා ශිල්පී කියන take එක ok යනුවෙන් එහි සටහන් කල යුතුය.මෙය සංස්කරණ ශිල්පියාට අත්‍යවශ්‍ය සටහනකි.හුගක් වෙලාවට සංස්කරණ කටයුතු වලදී අධ්‍යක්ෂක/කැමරා ශිල්පී ද සහය වන අවස්ථා ඇත.
එළිමහන් රූගත කිරීම් වලදි කාලගුණය මහත් බාධා ගෙන දෙනවා.එයින් වැස්ස ප්‍රමුක වෙනවා.අනිත් කරුණ වලාකුළු වලින් බර අහස.හිරු එලිය පැහැදිලි ලෙස නොවැටුන හොත් පරාවර්තක බෝඩ් (reflector board ) වලින් රංගන ශිල්පීන්ට දෙන ආලෝකය ලබා දීමට නොහැකි වනවා.වැස්ස නොමැතිව දවස පුරාම අහස වලාකුළු වලින් පිරි තිබෙනවා නම් ( මේ තත්වය කදුකර ප්‍රදේශ වල බහුලය) විදුලි ජනක (gennerator ) යන්ත්‍රයකින් විදුලිය ලබාගෙන විදුලි පහන් ( මෙම විදුලි ලාම්පු විවිද ප්‍රමාණයෙන් එලිය ලබා දෙන ඒවා තිබෙනවා)මගින් ආලෝකය ලබා ගන්නවා.
හිරු එලිය වලාකුළු වලින් වැසෙනවා .... යලි හිරු එලිය වැටෙන අවස්ථා හරිම කරදර ය.එම අවස්ථා වලදී විශේෂ දැනුමක් තිබෙන කාර්මික ශිල්පියෙක් තද කළු කාචයක් අත රැදිව එම කාචයෙන් අහස දෙස විපරමින් සිටිමින් ....එම අවස්ථාවේ ගනු ලබන දර්ශනයට යන කාලයට ගණනය කොට ..... හිරු ( මේ කිව්වෙ අපේ කොට්ටාවෙ එකී නෙමේය) වලාකුලකින් මිදුන වහාම..... take එකට යා හැකි බව දැනුම් දෙනව.හැබැයි නොහිතපු ලෙස සුළං වේගය වැඩි වෙලා take එක මැදදී හිරු වලාකුලින් වැසි ගියහොත් අබ සරණය...අරූ ට බැනුම් කෝටිය ය.
සහය කැමරා ශිල්පියාට තව මල වදයක් වෙන අවස්තාවක් තිබෙනවාය.එනම් ගාමිණි ලොක්ක රගන එකක් වූ විටය.ඔහුට හැම take එකටම පෙර පුහුනුවක් කැමරා ඇසින් බැලිය යුතුය.එහෙම වෙලාවට කැමරාව අසලට ගොස් සිගරට්ටුවක් ගෙන එය වෙනම ෆිල්ටරයක රදවා ....දල්වා ගෙන උගුරක් ඇද ..... අසලම සිටින සහය කැමරා ශිල්පියාට දිගු කරයි.....එසේ කරන්නෙ....
"උඹ උරාපන් ...මම බලනකන් " කියල නෙමේය.....
"මම බලනකන් .... අල්ලන් ඉටු" නොකිය කියාය....
"සර්....!...සර්......!.....සර්,,,,,,,!..." කියමින් කොතෙක් දුම්වැටිය දික් කලද ...... නො ඇසූ කන්සේ.....ඒ දෙස නොබලාම..... අධ්යක්ෂකහෝ නලුනිලියන් සමග කතා කරමින් හෝ උපදෙස් දෙමින් සිටි.සිගරට්ටුව නිකම්ම දැල්වී ගොස් හමාරය.එවිට සහය කැමරා ශිල්පියා කරන්නෙ වේශ නිරුපක ශිල්පිය අත ෆිල්ටරය තැබීමය.එවිට ඔහු කරන්නෙ නිවුන සිගරට් කොටය ගලවා විසි කොට කොපුව ලොක්ක අත තැබීමය.එහෙම දෙන සමහර වෙලාවට ලොක්ක ....
"ඔන්න ඕක ක්ලීන් කරනව අයිසේ ...." කියයි...... එවිට ෆිල්ටරය යට කොටසින් කරකවා ගලවා මැද තිබෙන නිකල් කූර වටා තැවරී ඇති තද දුඹුරු තාර පුළුන් වලින් ක්ලීන් කොට නැවත ඔහු අතට පත් කරනු ලබයි..... අදට ඇතිය.....පසුව මෙවැනි විස්තරයකින් හමු වෙමු..... ඔබ ලා කැමති නම් පමණක්. ..... ඊයේ මගේ .... "අනී" කියපු එකට මගෙ සිත තාමත් රිදුම් දෙනවාය.....